මං
ජීවිතේ ඉස්සෙල්ලම සිගරට් බොන එක්කෙනෙකුට දැක්කෙ අපෙ ගාල්ලෙ මාමව
. ගාල්ලෙ මාමා කිව්වට
බුවා ගාල්ලෙ නෙමෙයි . ගම්පහ ඉපදිලා
ඉගෙනගෙන රස්සාවට ගාල්ලෙ ගිහිං එහෙම පදිංචි උන හිංදයි එහෙම කිව්වෙ . අපේ අනිත් වැඩිහිටියො ඒ වෙනකොට සිගරට් බීම නවත්තල හිටියෙ . උසට උසේ හිටියට ඇඟේ තිබ්බෙ ඇටයි හමයි විතරයි. කාලෙකට ඉස්සර බයිසිමොටෝ එකෙන් වැටිල කකුල කඩාගෙන ඇවිදින්නෙ අද්ද අද්ද
.
පොර
සිගරට් බොන විදිහ බලන්ඩ වටින දෙයක්
. ඉස්ස්ලෙලම සිගරට් එක අරං පිල්ටරෙං අල්ලල අනිත් ඇඟිලි වලිං ඒක දිගේ අදිනව
,නිකං ඇද කෙලිං කොරංඩ වගේ. ඊට පස්සෙ ෆිල්ටරෙං
වං අතේ මහපොට ඇගිල්ලෙ නිය පොත්තට තට්ටු දෙකතුනක් දානව. ගිනිපෙට්ටිය
අරගෙන කටේ තියාගන්නව සිගරට් එක .ගිනිකූර පත්තු කරල උරහිස්ස
බොක්ක ගහල අත්දෙකෙන් මුලු මූනම වහගෙන තමා පත්තු කරන්නෙ . ඊට
පස්සෙ ඇස්දෙක පියාගෙන අදිනව උඩට . හැබැයි එකපාරට පපුවට ගන්නෙ
නෑ . උඩට ඇද්ද ගමං කම්බුල්දෙක පුම්බනව නිකං බැබුං වගේ.
චුට්ටක් වෙලා එහෙම ඉදල කට යාන්තමට ඇරල ආයෙත් ඉහලට අදිනව පපුව පිරෙන්ඩම.
එතකොටම ඇහිබැම් දෙක නලලට ගිහිං ඇස්ගෙඩි දෙක එලියට පනිනව හරියට යකෙක්ගෙ
වගේ. කටෙන් චූටි දුං වලල්ලක් එලියට ඇවිත් ටික ටික ලොකුවෙලා
ඈතට ගිහිං නැතිවෙනව. ඉතුරු ටික තමා ලස්සනම.
පොර දුම එලියට විදින්නෙ නෑ. ඇස්දෙක බාගෙට පියාන කට බාගෙට ඇරගෙන පිංබිලා තිබ්බ පපුව හිමීට අකුලනව .එලියට එන දුං ටිකත හිමීට මූන දිගේ ඉහලට යනව කැරලි කැරලි ගැහිල. එතකොට පොරගෙ මූන නිකං දේව පිලිමයක් වගේ සාන්ත දාන්ත වෙලා, ඇස්දෙක අනංතයයට ෆෝකස් වෙලා, බලන්ඩ ලස්සනයි. පොර මිදුලෙ ඇවිද ඇවිද තමා බොන්නෙ. පාරක් අදිනවා කකුල අද්ද අද්ද වටයක් යනව .
පොර දුම එලියට විදින්නෙ නෑ. ඇස්දෙක බාගෙට පියාන කට බාගෙට ඇරගෙන පිංබිලා තිබ්බ පපුව හිමීට අකුලනව .එලියට එන දුං ටිකත හිමීට මූන දිගේ ඉහලට යනව කැරලි කැරලි ගැහිල. එතකොට පොරගෙ මූන නිකං දේව පිලිමයක් වගේ සාන්ත දාන්ත වෙලා, ඇස්දෙක අනංතයයට ෆෝකස් වෙලා, බලන්ඩ ලස්සනයි. පොර මිදුලෙ ඇවිද ඇවිද තමා බොන්නෙ. පාරක් අදිනවා කකුල අද්ද අද්ද වටයක් යනව .
මමත්
ඉස්සෙල්ලම සිගරට් එකක් බිව්වෙ බුවාගෙ ලොකු පුතා එක්ක . සිගරට් එකක්
කිව්වට කොටයක් අහුලං මහගෙදර වත්ත පහලට ගිහිං උගුරු දෙක දෙක ඇදල කැහැල කැහැල කුරුඳු
කොල අහුරක් කාල ඇවිත් උගුඩුවො වගෙ හිටිය. එතකොට මට එකොලහයි
. හැබැයි ඊට පස්සෙ මට සටන් කලා උන ගැහුව .පත්තර කන්තෝරුවෙ
රස්සාවටත් ගිහින් අවුරුද්දක් දෙකක් යනකං සිගරට් බීම නිකං ආනන්තරීය පාපයක් හැටියට තමා
සැලකුවෙ. ඒත් ඉතිං කන්තෝරුවෙ පාප මිත්තර රැලට වැටුනට පස්සෙ
ඒක ගානක් නැති උනා.එතකොට මට විසිපහක් විතර ඇති .මට හොඳට මතකයි පලවෙනි උගුර
ඇදල කැස්ස කැහිල්ල ….
මුලදි
සිගරට් බිව්වෙ අරක්කු බියර් බොනකොට විතරයි.පස්සෙ හෙම්බිරිස්සාව හැදුනම සෙම කර වෙන්ඩ කියල බිව්ව . ඊට පස්සෙ දවල්ට කාල බිව්ව
. ඊට පස්සෙ රෑට කාල බිව්ව . ඊට පස්සෙ තේ
බොනකොට බිව්ව . ඊට පස්සෙ නිකනුත් බිව්ව. ඒත් වැඩියම පෙවෙන්නෙ බොනකොට තමා. සිගරට් නැතුව
බොන්න එපා කියන තරමට වැඩේ දරුනු උනා. සටන් කලා හේදිලා ගියා
. වැඩේ කියන්නෙ මම සිගරට් බොන්නෙත් අර ගාල්ලෙ මාම බොන විදිහටමයි.
පුංචි කාලෙ ඔලුවට වැටිච්ච එක එහෙම්මම හිටල .
ඔය
බොනකොට සිකරට් බොන එක ගැන හොඳ කතාවක් මතක් උනා ඒකත් කියන්නං. දවසක් කන්තොරුවෙ
එකෙක්ගෙ මලගෙදරක යන්ඩ අපි කට්ටියක් වෑන් එකක සෙට් උනා . ඕකටම
අපේ බොසත් පැනගත්ත නොමිලේම යන්ඩ . අපිත් ඉතිං නිකං ඉන්නෙ නැතුව
එන ගමං බොසාට නහයෙන් අඬල බෝතල් දෙකක් කඩා ගත්තා . බයිට් එකට
ඇපලුත් හම්බ උනා. ඒත් ඕනම එක නෑ. අපේ දිසා අයියා ඉතිං නිකං හිටියෙ නෑ
“බොස් සිගරට් ගත්තෙ නැද්ද? “
“සිගරට් මොකටද අරක්කු බොන්ඩ , ඔය බයිට් තියෙන්නෙ ඇතිවෙන්ඩ“
“ අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ “ මගෙ කටේ තිබ්බ අරක්කු ටික නහය දිගේ මොලේට ගියා . තව ටිකෙන් ඩ්‍රයිවර් මහත්තය වාහනේ කන්ඩියක් දිගේ අරිනව . බොසා ආයෙ බහිනකං වචනයක් කතාකලේ නෑ .
“බොස් සිගරට් ගත්තෙ නැද්ද? “
“සිගරට් මොකටද අරක්කු බොන්ඩ , ඔය බයිට් තියෙන්නෙ ඇතිවෙන්ඩ“
“ අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ “ මගෙ කටේ තිබ්බ අරක්කු ටික නහය දිගේ මොලේට ගියා . තව ටිකෙන් ඩ්‍රයිවර් මහත්තය වාහනේ කන්ඩියක් දිගේ අරිනව . බොසා ආයෙ බහිනකං වචනයක් කතාකලේ නෑ .
මොනා
උනත් මම ප්‍රතිපත්තියක් හැටියට ගෙදර හරි ගමේ හරි සිගරට් බිව්වෙ නෑ . ඒ හින්දා ගෙදර උදවියට ඒක ආරංචි උනේ නෑ. සමහර විට දන්නවත්
ඇති.
“තෝ සිගරට් බොනව නේද?”
කියල මගෙන් අහල නෑ කවදාවත්
“තෝ බොනව නේද?''
කියල නං අහල තියනව
ඒත් ඔය සමහර දාට බොන්න ගිහිං බැරිවෙලා ඉතුරු වෙච්ච සිගරට් එකක් එහෙම සාක්කුවෙ දාගෙන ආපු දවසට ඔය ප්‍රතිපත්තිය කැඩෙනව . එතකොට ඉතිං රෑට ගෙයි පිලිකන්නට ගිහිං ශේප් එකේ පත්තු කරං බොනව .
ඒත් මේ ලඟදි දවසක රෑ ඔය වගේම අමතක බැරි වෙච්ච සිගරට් එකක් පත්තු කරං පිලිකන්නෙ ඇවිද ඇවිද ඉන්නකොට එක පාරට කුස්සියෙ ලයිට් එක දාගෙන තාත්ත ආව එලියට .මට කොරගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. අතේ සිගරට් එක දිලිසි දිලිසි .හොඳටම ශුවර් දැක්ක කියල. තාත්ත තප්පර දෙක තුනක් බලං ඉඳල ආපහු හැරිල ඇතුලට ගිහිං දොර වහල ලයිට් එක නිමුව.
… තාත්තගෙ මූන එච්චර අසරණ වෙලා තියනව මම ජීවිතේට දැකල තිබ්බෙ නෑ ….
“තෝ සිගරට් බොනව නේද?”
කියල මගෙන් අහල නෑ කවදාවත්
“තෝ බොනව නේද?''
කියල නං අහල තියනව
ඒත් ඔය සමහර දාට බොන්න ගිහිං බැරිවෙලා ඉතුරු වෙච්ච සිගරට් එකක් එහෙම සාක්කුවෙ දාගෙන ආපු දවසට ඔය ප්‍රතිපත්තිය කැඩෙනව . එතකොට ඉතිං රෑට ගෙයි පිලිකන්නට ගිහිං ශේප් එකේ පත්තු කරං බොනව .
ඒත් මේ ලඟදි දවසක රෑ ඔය වගේම අමතක බැරි වෙච්ච සිගරට් එකක් පත්තු කරං පිලිකන්නෙ ඇවිද ඇවිද ඉන්නකොට එක පාරට කුස්සියෙ ලයිට් එක දාගෙන තාත්ත ආව එලියට .මට කොරගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. අතේ සිගරට් එක දිලිසි දිලිසි .හොඳටම ශුවර් දැක්ක කියල. තාත්ත තප්පර දෙක තුනක් බලං ඉඳල ආපහු හැරිල ඇතුලට ගිහිං දොර වහල ලයිට් එක නිමුව.
… තාත්තගෙ මූන එච්චර අසරණ වෙලා තියනව මම ජීවිතේට දැකල තිබ්බෙ නෑ ….
ලියාපං ඉතින් තවත්
ReplyDeleteඑල එල ලියන්නං
Deleteතැංකියු දුන්න ප්රචාරයට
මේ තියෙන්නෙ ලිවිලි... කී දවසක් තොට නාහෙන් ඇඬුවද ලියන්න කියල...
ReplyDeleteආ.., දුවලාගේ තාත්තේ උඔත් ලියන්නෙ නැතෙයි?
Deleteසජ්ජා - තෝ දන්නවද මේක ලියන්න මම කාපු කට්ට
Deleteමෙන්ඩා - දුවලගෙ තාත්තට නිදාගන්නවත් වෙලාවක් නෑ කියලයි කියන්නෙ
තෝව හදන්ඩ බෑ බන්!!! සිගරට් බීලාම මැරියන්!!
ReplyDeleteබ්ලෝග් එක පට්ට!!! දිගටම ලියමු!!
මම එහෙම සිගරට් බොන්නෙ නෑ බං ...
Deleteදිගටම ලියන්න තමයි ට්‍රයි එක
නෑ නෑ උඹ බොන්නේ නෑ...අපි වෙන්ඩැති එහෙනම් බොන්නේ!!
Deleteමම 2011 ඔක්තෝබර් 14 වෙනිදා හිටිය ෆෙඩ අප් එකටත් එක්ක සිගරට් 15ක් බිව්වා. 15වෙනිදා අත්හැරිය. යකෝ මාර සනීපයක් තියෙන්නේ.
ReplyDeleteබලපල්ලකො නවත්තල සති 2ක් ඉදල අගට දැනෙන ෆිට් එක.
මිනිස්සු මාස 6ක් විතර යනකම් කියලා තිබ්බ ඕක සිගරට් බොන්නේ නැතිනම් බල්ලෝ ගූත් නොකා ඉදියි කියල.
එත් දැන් අවුරුදු 4ක්. මම නිදහස් මිනිහෙක්
අග නොවෙයි ඇඟ (ඔව් ඔව් අඟටත් සනීපයක් දැනෙනවා )
Deleteඑල එල නවත්ත්න්ඩ ලේසී බං
Deleteමම එච්චර දරුනුවට බොන්නෙ නැති නිසා නවත්වන්න හිතෙන්නෙ නෑ
අපේ සෙට් එක සිගරට් බිම අඩු කරන්න විට කන්න පටන් ගත්තා ඊළගට හැක්ස් ටොපි කන්න පටන් ගත්තා..කොහේ අඩු වීමක් දා..දැන් ගොඩදෙනෙක් හැක්ස් එක කටේ දාගෙන සිගරට් එක බිලා විටෙ කනවා..
ReplyDeleteඋබේ ලිවිල්ල සුපිරි සහෝ දිගටම ලියපන් හැමදමා එන්න පාරත් ලකුනුකරගත්තා
අන්න කතාව...
Deleteඒකනේ අපි ට්‍රයි නොකර ඉන්නෙ
මම නං ඉස්සෙල්ලම කෑවෙ විට
Deleteපස්සෙ සිගරට් ..
හැබැයි මම විට කන එක නැවැත්තුවා ...
සිගරට්ටුවේ ඇති රසයත්
ReplyDeleteඑහි ඇති මනා ගුනයත්
එය බොන උතුමානෝ මිස
නොබන බල්ලෝ දනිද?
තව කමෙන්ටු 5ක්වත් දාන්න එනවා
හැක හැක හැක .... අරින්ඩ එපා
Deleteඔය කිව්වට පොඩි මෙන්ඩ ලොකු වෙනකොට උඹ ඕක නවත්වනවා ... මොනාද ඔට්ටු ...
තැංකියු දෙන සප් එකට
නවත්තන්න වෙයි නේද බං?
Deleteගල් සහ සිගා. එල ද බ්‍රා
Deleteමාත් සිගරැට් බිව්වා තමා. අපේ තාත්තා අවුරුදු දහ අටේඉඳං මැරෙනකම්ම බිව්වා. තාත්තගෙ මළගෙදරින් පස්සෙ නං මං සිගරැට් කටේ තිබ්බෙ නෑ. හිතාගන්න පුළුවන්නෙ හේතුව?
ReplyDeleteතාත්තාට මගේ ශෝකය
Deleteඋඹ නැවැත්තුවාට මගේ සංතෝශය ....
ගොන් බිජ්ජො මේ පසුබිමත් එක්ක අකුරු පේනව අඩුයි කියවන්න පහසුවෙන විදියට වෙනස් කරපන්
ReplyDeleteමට මේකෙ පාට මාර ලස්සනයි බං ..
Deleteමට නං මේක හොදට පැහැදිලිව කියවන්ඩ පුලුවං ....
මම මේක වෙනස් කරන්නෙ නෑ
උඹට ඕනෙනං ඇවිල්ල කියවපං.... බැරිනං නිකා හිටහං ...
අනික උඹට මේක කියන්ඩ ඇනෝ එන්ඩ ඕනෙද බං ....??? හැක හැක හැක
බ්ලොග් එකට සුභපැතුම්. සිගරට් නං ඉතිං හොඳ නෑ. (ඒත් එහෙම කියල මොකෝ ජීවිත කාලෙම හොඳවැඩම කර කර ඉන්නයැ)
ReplyDeleteඅන්න ටොක් එක
Deleteඡයවේවා රාඡ්
ස්තුතී ...
Deleteවැඩිපුර හොඳවැඩ... ටීක්කක් නරක වැඩ....
නැත්නං පොඩි අසමබර ගතියක් තියනව නෙහ් ..??
මෙන්ඩා - ආයෙත්අහල..
නියමයි...! දවසක් උණ ගැනිලා මාව හොස්පිටිතාලෙ නවත්තන්න එක්ක යනවා.මට පිස්සු වගේ උණ.නිකමට ශෝර්ටට අත දානකොට කලින් ගනිපු සිගරට් දෙකක් සාක්කුවෙ.ඒක අහු උනාම උණ හොඳ උනා වගේ.. අමාරුව පැත්තකින් තියලා සාක්කුව සුද්ද කලා කාටවත් නොපෙනී..
ReplyDeleteහෙහ් හෙහ්..
ජයවේවා..!!
අපරාදෙ බං විසික් කලේ ඉස්පිරිතාලෙ රෑට ඉද්දි හොරෙන් බොන්න තියා ගන්න එපැයි.
DeleteThis comment has been removed by the author.
Deleteකම්මලයා සිගරට් දෙකට කමෙන්ට් එක දෙපාරක් දාලා..
Deleteඔව් බං පෙලක් වෙලාවට දවස් ගනං පහුවෙලා, පොඩි වෙලා කැඩිල එහෙම හම්බ වෙනවා ..
Deleteකම්මල - මට නං ඒව බොන්ඩ බෑ බං
මෙන්ඩා - කම්මලයගෙ කොම්පීතරේ කේස් එකක් නේ .. මම දැක්ක දෙතුන් තැනකම ...
බ්ලොග් එකට සුභ පැතුම් !!!!!
ReplyDeleteබලපං උඹ සිගරට් එකක් බොනව දැකල තාත්ත ඔච්චර අප්සෙට් ගියානම් අර KG කෑල්ලක් ගහන වෙලාවක් මාට්ටු උනොත් ......අපොයි ........
දැන්වත් අරක්කු, සිගරට් , ගංජ , KG බොන එක නතර කරපං ආ ඇයි බාබුල්, ජෙල් පැකට් , කොරෙක්ස් එවුවත් නතර කරපං. අනික දුංකල හපන එක හොදම නෑ. කංස යි අබිං උඹ දවසට එකපරක් බොන හින්ද ඔහෙ කරපං ඔක්කොම එක පාර නවත්තන්නත් අමාරු අතිනෙ.
ඕං අටං අයියෙ උඹ කිවුව විදිහටම මම කමෙන්ට් කොලා ( ඒ කිවුවෙ උඹ කිවුව හින්ද කමෙන්ට් කොලා )
ඇම්ඩට මගුලක් බලන්න ගිහින් මාමණ්ඩි අහනකොට දීපු උත්තර වගේ.. මූ මුද්දව කාල.. හැක්.
Deleteවේයන්ගොඩදි මාව බේර ගනිං කල්‍යාණ අයියෙ. මේව කිවුවෙ අහිතකින් නොවන බව මුද්දට කියල දියං අයියෙ.
Deleteමුද්ද හෙන දරුණුයි.. විශේෂයෙන්ම බොතල් තුන හමාර පහු වෙනකොට.. බොරුනම් අහල බලපන් තලවකෙලේ ගිය එහෙකුගෙන් හැක්..
Deleteකම්මල - දැං ඒ මුකුත් කරන්ඩ බෑ බං මේ කුඩු ගහන්ඩ පුරුදු වෙලා ... දුංකොල නැට්ටක් ගන්ඩ සල්ලි නෑ .. කුඩු හරිම ගනං මේදවස් වල ....
Deleteකමි - හැක හැක අර උඹට උන එකේ අනිත් එක
කම්මල - පිස්සුද බං උඹ මට හැදෙන්නනෙ කියල තියෙන්නෙ
කමි - අඩෝ බොරු කියන්ඩ එපා ..ඕව මඩ.. මම අහිංසකයි.. බොරුනං අර කටුස්සගෙන් අහපං ...
අපිනම් බොන්නේ ඩන්හිල් ස්විච් විතරයි.. ඒකත් සින්ගල් මෝල්ට් විස්කි බොන වෙලාවට විතරයි.. හැක්.
ReplyDeleteඒ මං හිතුවේ උඹ මේක හුඟක් කලින් ලියපු එකක් කියලනේ.. එළ එළ.. ඔහොම යන් ඔහොම යං..
//ඒකත් සින්ගල් මෝල්ට් විස්කි බොන වෙලාවට විතරයි.. //
Deleteවෙන්ටැ :D
අටමො .. අර උඹ අල්ලපු පොටෝ ටික මේල් කරපං
පිස්සුනම් කෙලින්ඩ හදන්න එපා..
Deleteමම හිතුවෙ එකම ලියද්දෙ සිංගල් මෝල්ට් විස්කි එක්ක බොන්නෙ .. මල්බැරෝ ලයිට්ස් කියල ...
Deleteබ්ලොග් එක හැදුවෙ 2011. අද තමා පෝස්ට් එකක් දැම්මෙ ... ඒක රෙකෝඩ් එකක්ද මන්දා ...
පත්තරේ - පොටෝ තියනවද ..?? එල එල .. මම අටමගෙන් ඒ ටික ඉල්ල ගන්නං
කමි - උඹ මට මඩ ගහන්න නේද ..?? ඉඳපං දෙන්ඩ ...
//කමි - උඹ මට මඩ ගහන්න නේද ..?? ඉඳපං දෙන්ඩ ...// තරහ අවසර ආයිබන්ඩ.. ඕව මේ කාපු බීපු වෙලාවට කියන දේවල්.. කනකට ගන්ඩ නාකයි.. (වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහ ගන්ඩ එපා කියල කොච්චරවත් අම්ම මට කියල දීල ඇති..)
Deleteමට සිගරට් එකේ තෘප්තියක් තියනවා ඒක නිසා මම බොනවා...
ReplyDeleteෂිෆ්මන්ට් එකක හිරවෙලා ඉන්නකොට කාත් එක්කහරි වලියක් දා ගත්තාම ඔලුවට උත්තරයක් එන්නෙම නැතිවෙලාවක මට සිගරට් එකකින් පොඩි උත්තේඡනයක් තියනවා..
එතකොට ගෑනු එහෙම ඔය තෘප්තිය, උත්තේජනය, ගන්නෙ කොහොමද බං ..??
Deleteමම නං සිකරට් බොන්නෙ මගෙ තියන කඩිප්පුලි ගොං කමට ... හැක හැක ...
මම නං සිකරට් බොන්නෙ මගෙ තියන කඩිප්පුලි ගොං කමට ... හැක හැක .
Delete+++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++
බොගට සුබ පතනවා මුලින්ම.රූපෙයගෙ ඩිරෙක්ට් ලින්ක් එකෙන් ආවෙ.
ReplyDeleteකියන්න දෙයක් තියෙනව.දැන් මේ වගේ ලයිව් දුම්බොන දර්ශන දැකලා අපි වගේ පොඩි උන් නොමග යන්න පුලුවන්.මොකද අලුතෙන් ඉගෙනගන්න එකෙකුට පුරුදු වෙන හැටිත් තියෙනවා නොවැ.කොටු කොටු දැම්මොත් හොන්දයි
උඹටත් තැංකියු වේවා ..
Deleteකොටු කොටු දාන්ඩ මෙකෙ වීඩියෝ තියනවයැ ..
අනික උඹ ඔය කරන අනිත් ඒව පුරුදු උනේ අපේ ඒව බලලද ..??
මදුරුවොම කාපිය. මොකද යකෝ බොගක් පටන්ගත්තාම පොඩ්ඩක් පොරචාරය නොකරේ. හරි ඔහොම ලියාගෙන යන්.
ReplyDeleteමම ෂියැට් ගහලා අහුවුනේ අපේ අම්මට. පිට කොන්ද මැද්දට දමලා ඇන්නා ඩීන් ගාල. කෝ ඉතින් මම නැවැත්තුවෑ ගුටි කාලත්.
1994 දී මටම හිතිලා තමා නැවැත්තුවේ.
හැක හැක .. පොරචාරය කොරන්ඩ කොන්තරත්තුව දුන්නා "අටම් බ්ලොග් පොරචාර කොරන්නෝ පුද්ගලික සමාගමට" බුවා ලෙසටම කරල තියනවා ඒක ...
Deleteතමංම හිතල නැවැත්තුවොත් තමයි දිගටම අල්ලල යන්නෙ ...
මම විට නැවැත්තුවෙත් එහෙම ....
එකම එක දවසයි සිගරට් එකක් බීවෙ.
ReplyDeleteකැස්ස නං ගාණක් නෑ කියමුකො
මට දැනුනෙ නිකං පොල් කොල දුං අදිනව වගේ අප්‍රසන්න වුණා.
එදයිං එදත් හරි සිගරට් නං බිව්වෙ නෑ. හිහි
තාත්තට අප්සට් යන්න ඇති. මොකද තමන්නෙ පුත්තරයනෙ. අනික හැංගිල බොද්දි දැක්කම ඉට වඩා අප්සට් යන්න ඇති.
ආයෙ එන්නංකො
පලවෙනි එකෙන් අප්‍රසන්න උන එක හොඳයි ...
Deleteතාත්තට කරගන්ඩ දෙයක් නැති උනා බන් ...
මොකෝ ගහන්නද? බනින්නද ?
ජීවිතේ හතරවන දසකෙ මුල ඉන්න මම දැං තාත්තටත් වඩා නාකී වගේ පේන්නෙ ...
ආයෙ වරෙං ..
සුභ ගමන්! අටමා තමා ඔත්තුව දුන්නෙ.
ReplyDelete(පැකට් එක සාක්කුවෙ දාගෙන ෆස්ට් ඇපොයින්ට්මන්ට් එකට ගියේ. දැන් කළාතුරකිං)
තැංකියු වේවා ..!!
Deleteපාලනය කොරපු එක හොඳයි .. මමත් එහෙම කොරන්ඩ තමා හිතං ඉන්නෙ .....
interesting.
ReplyDeleteThanks ..!!! KIT ..
Deleteරෙෂ්පට්
ReplyDeleteතැංකියු බොස් ..!!
Deleteඅන්තිම වාක්‍ය මගේ ඇස් වලට කඳුළු ඉනුවා. අම්මලා තොරතෝන්චියක් නැතිව කියෙව්වට අප්පච්චිලගෙ හිතේ කැකෑරෙන දුක දරාගන්න දේවල් අපිට හිතා ගන්නවත් බැහැ.
ReplyDeleteසිරාවට මමත් ශොක් උනා ඒ සීන් එකට ... දුක තමා ..
Deleteස්තූතී ..ආයෙත් එන්න ...
අටමා කියපු පාර දිගේ ආපුවහම මෙන්න යකෝ බටයක්! :D
ReplyDeleteසිරාවටම කිව්වොත් මට අප්‍රසන්නම දෙයක් තමයි සිගරට්!
තැංකියු ආවට .. අප්‍රසන්න වෙන එකමයි හොඳ බං ..
Deleteඑහෙම කියල නෑවිදිං ඉන්න එපා ආයෙ මේ ගැන ලියන්ඩ අදහසක් නෑ .. හැක හැක හැක ...
සුබ පැතුම්,, අටම් අයියගේ පාරෙන් ආවේ.. මෙහෙ සිගරැට් එකක් බොන එක වතුර වීදුරුවක් බොනවා වගේ හරිම සාමන්‍ය දෙයක්,,, ඕනෙම කෙනෙක් (ගෑණු පිරිමි වෙනසක් නෑ ) පවුලේ අම්මා, ආච්චි සීයා ඉස්සරහා උරණ ගමන් කතා කරන එක මට මුල් කාලේ බලන් ඉන්න අපහසු දෙයක් ඒත් කිසිම කෙනෙක්ට ඒකෙ ගානක් නෑ..
ReplyDeleteඅර කියලා තියෙන කතාවට හොදටම හිනා ගියා.. ඇත්තම සිගරැට් එකෙන් ඩ්‍රින්ක් එකට දෙන පිටුවහල නම් කියලා වැඩක් නෑ :D
ස්තූතියි...
Deleteඅපෝ මෙහත් එහෙම තමා .. විශේෂයෙන්ම අපේ ගෙදර..... කාටවත් ගානක් නෑ ...
ඇත්තටම සිගරැට් එකෙන් ඩ්‍රින්ක් එකට පිටුවහලක් දෙනවද ..??
මං හිතුවෙ නිකං එල්ලිල තියනවට බොනව කියල.... :D :D :D
මේ සිගරට් බොන විදිහ කියෙව්වාම බය හිතෙනවා.
ReplyDeleteපෙණහළු වල කෑලි කෑලි ගැලවෙනවා ඇතිනේ.... ;)
මමත් සිගරට් බොනවා. මම හිතන්නේ අවුරුදු විස්සක් විතර. සුපර් ලයිට්ස්. මම සිගරට් බොන්නේ ඇයි කියන්න මමවත් දන්නේ නෑ. හේතුව මම කවදාවත් සිගරට් දුමක් ඉන්හේල් කරලා නෑ. ඉස්සර මාසෙකට පැකට් එකක්. දැන් සුමාන දෙකකට පැකට් එකක්. ඔය අස්සේ ගෙදර ඉන්නවා නම් එකක්වත් බොන්නේ නෑ. ගෙදර අඩුම තරම ඈස්ට්රි එකක්වත් නෑ. (යාළුවෝ එක්ක ඉන්නකොට භාවිතාව වැඩියි.) ස්ට්‍රෙස් කිලර් එකක් කියලා සමාවට හේතුවකුත් හදාගෙන මම සිගරට් බොනවා. හැබැයි ඒක කවදාවත් පුරුද්දක් නම් වෙන එකක් නෑ මීට වඩා.
එහෙම තමා හරියට සිගරට් බොන්නෙ ... ඒකනෙ ඔය කට්ටිය එපා කියන්නෙ ....
Delete\\මම කවදාවත් සිගරට් දුමක් ඉන්හේල් කරලා නෑ.\\
ඒ කියන්නෙ ඔයා කවදාවත් සිගරට් බීල නෑ ... කට හෝදලා විතරයි ..
කට හෝදනව නං දවසට පැකට් 10 පාවිච්චි කලාට කමක් නෑ ...
සමාව ගන්ඩ ඕනෙ නෑ ..මම කියනවට බය නැතුව දවසට පැකට එක ගානෙ කට හෝදන්න ..
ඒක තමයි කීවේ. ඒක මට කවදාවත් පුරුද්දක් වෙන්නේ නෑ. අර මොඩ් පොශ් කම වගේ එකට සිගරට් බොනවා කියලා මම මටම හිනාවෙවී සිගරට් බොන එකනේ මේ කරන්නේ.
Deleteඅනික එහෙම කරන්න බෑ. සිගරට් මෙහේ ගණන්. එක පැකට් එකක් 5.20€.
ඒක හොඳයි .. සිගරට් නං මෙහෙත් ගනං තමා ...
Deletehttp://nelumyaya.com/?p=3654
ReplyDeleteසිගරට් බීල තියෙනවා. ඉස්සර. රුසියාවේදී පුරුදු වුනේ. යාලුවෙන කෙල්ලෝ බොන නිසා. ඊට පස්සේ අත ඇරලා දැම්ම. වැඩිහිටි තරුණයෙක් වෙලා තවමත් තාත්තල එහෙමද? සිගරට් බොන එකනම් හැබැයි නතර කලත් කමක් නැහැ.
ස්තූතී ...
Deleteපුරුද්දක් වශයෙන් බොන එක නතර කරන්ඩ ඕනෙ තමා ... තාත්ත මුකුත් කිව්වෙ නෑ ...අප්සෙට් ගියේ පලවෙනි පාරටනෙ දැක්කෙ ... ඒකයි ... රුසියාවෙ ගියානං හරි වගේ ...
අටමා තමයි පාර කීවේ...
ReplyDeleteදැං ඉතිං විනාසයි..
ඔව් ඔව් විනාම විනාසයි ... හැක හැක
Deleteඅටමගෙ පාර දිගේ ආවෙ. සිගරට් බොන එකාගෙන් ඇයි බොන්නෙ කියලා අහලා වැඩක් නෑ කියනවලුනෙ. හැබැයි ඉතින් බොන්නෙ නැත්නම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නෙ.
ReplyDeleteඅනිවා බොන්නැත්තං හොඳයි තමා ...
Deleteස්තූතී .. නැවත එන්න .....
ReplyDelete… තාත්තගෙ මූන එච්චර අසරණ වෙලා තියනව මම ජීවිතේට දැකල තිබ්බෙ නෑ ….
+++++++++++++++++++++++++++++++
මෙන්න මෙතැන තමයි මචෝ දැනුනේ .මට අපේ තාත්තා ගේ මුණ මැවිලා පෙනුනා ..
ජයවේවා !!
දුම් වැටියේ....දුම් වැටියේ
දෙතොල රැඳී දුම් වැටියේ
සන්තෝසේ සන්තාපේ ...
ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....
හද කැලබී ඇති මොහොතේ
ඔබ දෙතොලේ රඳවනවා
ඒ මොහොතේ ඔබ ඇසුරේ
සිත මාගේ සැනසෙනවා ....
දුම් වැටියේ ....
අද මිතුරෝ හෙට හතුරෝ
දුක් දෙනවා එරෙහි වෙලා
ඒවාගේ මතු දවසේ
ඔබ එයිදෝ සතුරු වෙලා ...
දුම් වැටියේ ....
ගායනය - මේරියන්ස්
ඒ කියන්නෙ උඹටත් මේ ගැන අත්දැකීම් තියනව ...
Deleteබොහෝම ස්තුතියි සිංදුවට ....
ආයෙ එන්ඩ ..
අටමට අහු උනා කියන්නේ ඉතිං සිගරැට් එක තොලොංචියි තමා. ජය
ReplyDeleteමට අහු උනත් එච්චරම තමා ... හැක හැක හැක ....
Deleteතැංකිව් ..
අටම්පහුර පැත්තෙනුයි ආවේ...සුභ පැතුම්..........
ReplyDeleteතැංකියු වේවා ..!!!!
Deleteආයෙත් එන්ඩ ..
එළම කිරිනේ බං ඇනෝපිලිස්. අර උපමාව තමා බං උපමාව. මට තාම හිනා. කරුමෙට මේක කියන්න පුලුවන් උන් ඉන්නේ ටිකයිනේ.
ReplyDeleteඒවගෙ කතා කියන්ඩ සහුර්දයො රැලක් එක්ක විතරයි ...
Deleteමදුරුවව එල්ලුවා ඔන්න මගේ බ්ලොග් රෝල් වල.
ReplyDeleteතැංකියු වේවා ....ආයෙත් මේ පැත්තෙ එන්න ...
Deleteමාත් රුපියල් තිහේ ඉඳල රුපියල් දෙක වෙනකල් තියෙන හැම එකක්ම පාවිච්චි කරල තියෙනව. ඒත් ගොඩක් වෙලාවට ෂොට් එකක් දාන වෙලාවට තමයි. නිකං වෙලාවටනං මට ඕක දිරවන්නෙ නෑ.
ReplyDeleteමමත් පටං ගත්තෙ එහෙමයි ආයිබොවන්ඩ ...
Deleteකොහෙද ඉතිං ...
ඒත් ගොඩක් වෙලාවට ෂොට් එකක් දාන වෙලාවට තමයි. නිකං වෙලාවටනං මට ඕක දිරවන්නෙ නෑ.
Delete+++++++++++++++++++++++++++
මටාත් ............
අහ් මේ ලියන්න පටන් අරන් තියෙන්නෙ. ඔහොම යං ඔහොම යං
ReplyDeleteඔව් ඉතිංපටං ගත්තා .. එහෙනං ඔහොම යං නේ....
Deleteතැංකියු ...
එල. උඹ බීඩි සුරුට්ටු එහෙම බොන්නැද්ද? එක ගමනක් අපි සුරුට්ටු තුනක් තියෙන පෙට්ටියක් ගත්ත රුපියල් දෙසීයකට. එකක් සතියක් බිව්ව.
ReplyDeleteමං කියන්නෙ ලංකාවෙ ගංජ නීතිගත කරන්න ඕන.,ඒකෙ තාර, නිකොටීන් මොනවත් තියෙනව කියල හොයාගෙන නෑනේ. ඉතිං සරීරෙට ලෙඩක් නැතිවෙයි.
බීල නං තියනව ඔය ඔක්කොම .. මං ගාව පයිප්පයකුත් තියනව ....
Deleteඑක පාරක් බිව්ව සුරුට්ටුවක්.. ගෙඩි රුපියල් 4500ක් ම වෙන.... නිකං හම්බ උනේ ...
අනිවා ගංජා නීති ගත කරන්න්ඩ ඕනෙ ....
ඔය කෝකත් ලෙඩක් වෙන්නෙ නෑ හරියට පාලනේකින් ගන්නවනං .....
මා ගාවත් තියෙනව පයිප්පයක්. හැබැයි එකෙන් කරන්නෙ වතුර ගන්න එක. හැක්..
Deleteමලියාගෙන් පාර අහගත්තේ..... මට මතක විදිහට කලින් අැවිත් නැතුව අැති.... කොහොම හරි අද අාවානේ.... සින්ඩියටත් දාගත්තා... දැන් ඉතින් ඒපා කිව්වත් ඒනවා.....
ReplyDeleteකලිං එන්න විදිහක් නෑ නෙ .. මේක මගෙ පලවෙනි පෝස්ට් එකනෙ ......
ReplyDeleteආවට තැංකියු වේවා .....
තාත්තා ගැන දුක සිතුණි. ඔබටත් එසේම වේවා!
ReplyDeleteඅනර්ඝයි අනර්ඝයි.
ReplyDeleteහා දැං ඉතිං අරක්කු ගැනත් ලිව්වනං.
ReplyDeleteමගේ යාළුවෙක් සිගරට් බීල මලා
ReplyDelete-යාළුවා මල ඇනෝ-
සිගරට් කොම්පැනි කාරයන්ට බ්ලෝග අහුවෙන්ඩ දෙන්ඩ එපා .. ඕකුන් අනිවර්යෙන් ප්‍රචාරනේට ගනී ඔන්න ......
ReplyDelete“ අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ “//
ReplyDeleteපට්ට කතාව බන්
සිකරට් නම් මල ඇනයක් බන්... කොච්චර නවත්තන්ඩ හැදුවත් බෑ....
ලංකාවෙ ඉන්නකං දුම් කියල ඉඳහිට ඇදල තියෙන්නෙ බීඩි, සිගරට්, සුරුට්ටු සහ රොකට් විතරයි, හැබැයි ඒ කිසිම දේකට කැමැත්තක් හෝ පුරුද්දක් ඇති උනේ නැත්තෙ පුරුවේ පිනකටද කොහෙද. නැත්තං අපේ එවුන් සිගරට් බොන තරමටම බීල දැන්ටම පපු කැවුතු කුණු වෙලා.
ReplyDeleteදැන් තියන ලොකුම ප්‍රශ්නෙ තමයි පැසිව් ස්මොකින්, අපේ එවුන් එක්ක කයියක් දාගෙන ඉන්නකොට මම බිව්වේ නැතත් නොදැනුවත්වම සිගරට් එකක් දෙකක් පෙවෙනවා.
අනිත් එක තමා මැද පෙරදිගට ගොඩ බැස්සට පස්සෙ ඉඳහිට පාටියකදි වගේ ශීෂා එකක් බොන එකේ නම් පොඩි කික් එකක් දැනිල තියනවා. ඒ නිසාම ගෙදරත් එකක් උස්සං ඇවිත් තියා ගත්ත විශේෂ අවස්ථාවකදි පාවිචිචියට :-D
//අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ //
මේක දවස් ටිකටම අහපු දසම කතාව ... හෙක් .. හෙක් ... !
දැන් එක පොස්ට් එකක් දාල අවුරුදු ගණන් මේක වල් වදින්න ඇරියම අපිද මේව්වයේ ඇවිත් පොස්ට් ලියන්න ඕන ?? ලියපන් ආපහු !!!!
ඇයි බන් ලියන්නෙ නැත්තෙ ..
ReplyDeleteගෝලීප් එකක 55 වෙනකල්වත් මූට ලියන්න බැරි උනානෙ.
ReplyDelete