Thursday, July 16, 2015

සිගරට්

මං ජීවිතේ ඉස්සෙල්ලම සිගරට් බොන එක්කෙනෙකුට  දැක්කෙ අපෙ ගාල්ලෙ මාමව . ගාල්ලෙ මාමා කිව්වට  බුවා ගාල්ලෙ නෙමෙයි . ගම්පහ ඉපදිලා ඉගෙනගෙන රස්සාවට ගාල්ලෙ ගිහිං එහෙම පදිංචි උන හිංදයි එහෙම කිව්වෙ . අපේ අනිත් වැඩිහිටියො ඒ වෙනකොට සිගරට් බීම නවත්තල හිටියෙ . උසට උසේ හිටියට ඇඟේ තිබ්බෙ ඇටයි හමයි විතරයි. කාලෙකට ඉස්සර බයිසිමොටෝ එකෙන් වැටිල කකුල කඩාගෙන ඇවිදින්නෙ අද්ද අද්ද .


පොර සිගරට් බොන විදිහ බලන්ඩ වටින දෙයක් . ඉස්ස්ලෙලම සිගරට් එක අරං පිල්ටරෙං අල්ලල අනිත්  ඇඟිලි වලිං ඒක දිගේ අදිනව ,නිකං ඇද කෙලිං කොරංඩ වගේ. ඊට පස්සෙ ෆිල්ටරෙං වං අතේ මහපොට ඇගිල්ලෙ නිය පොත්තට තට්ටු දෙකතුනක් දානව. ගිනිපෙට්ටිය අරගෙන කටේ තියාගන්නව සිගරට් එක .ගිනිකූර පත්තු කරල උරහිස්ස බොක්ක ගහල අත්දෙකෙන් මුලු මූනම වහගෙන තමා පත්තු කරන්නෙ . ඊට පස්සෙ ඇස්දෙක පියාගෙන අදිනව උඩට . හැබැයි එකපාරට පපුවට ගන්නෙ නෑ . උඩට ඇද්ද ගමං කම්බුල්දෙක පුම්බනව නිකං බැබුං වගේ. චුට්ටක් වෙලා එහෙම ඉදල කට යාන්තමට ඇරල ආයෙත් ඉහලට අදිනව පපුව පිරෙන්ඩම. එතකොටම ඇහිබැම් දෙක නලලට ගිහිං ඇස්ගෙඩි දෙක එලියට පනිනව හරියට යකෙක්ගෙ වගේ. කටෙන් චූටි දුං වලල්ලක් එලියට ඇවිත් ටික ටික ලොකුවෙලා ඈතට ගිහිං නැතිවෙනව. ඉතුරු ටික තමා ලස්සනම.

පොර දුම එලියට
  විදින්නෙ නෑ. ඇස්දෙක බාගෙට පියාන කට බාගෙට ඇරගෙන පිංබිලා තිබ්බ පපුව හිමීට අකුලනව .එලියට එන දුං ටිකත හිමීට මූන දිගේ ඉහලට යනව කැරලි කැරලි ගැහිල. එතකොට පොරගෙ මූන නිකං දේව පිලිමයක් වගේ සාන්ත දාන්ත වෙලා, ඇස්දෙක අනංතයයට ෆෝකස් වෙලා, බලන්ඩ ලස්සනයි. පොර මිදුලෙ ඇවිද ඇවිද තමා බොන්නෙ. පාරක් අදිනවා කකුල අද්ද අද්ද වටයක් යනව .

මමත් ඉස්සෙල්ලම සිගරට් එකක් බිව්වෙ බුවාගෙ ලොකු පුතා එක්ක . සිගරට් එකක් කිව්වට කොටයක් අහුලං මහගෙදර වත්ත පහලට ගිහිං උගුරු දෙක දෙක ඇදල කැහැල කැහැල කුරුඳු කොල අහුරක් කාල ඇවිත් උගුඩුවො වගෙ හිටිය. එතකොට මට එකොලහයි . හැබැයි  ඊට පස්සෙ මට සටන් කලා උන ගැහුව .පත්තර කන්තෝරුවෙ රස්සාවටත් ගිහින් අවුරුද්දක් දෙකක් යනකං සිගරට් බීම නිකං ආනන්තරීය පාපයක් හැටියට තමා සැලකුවෙ. ඒත් ඉතිං කන්තෝරුවෙ පාප මිත්තර රැලට වැටුනට පස්සෙ ඒක ගානක් නැති උනා.එතකොට මට  විසිපහක් විතර ඇති .මට හොඳට මතකයි පලවෙනි උගුර ඇදල කැස්ස කැහිල්ල ….

මුලදි සිගරට් බිව්වෙ අරක්කු බියර් බොනකොට විතරයි.පස්සෙ හෙම්බිරිස්සාව හැදුනම සෙම කර වෙන්ඩ කියල බිව්ව .   ඊට පස්සෙ දවල්ට කාල බිව්ව . ඊට පස්සෙ රෑට කාල බිව්ව . ඊට පස්සෙ තේ බොනකොට බිව්ව . ඊට පස්සෙ නිකනුත් බිව්ව. ඒත් වැඩියම පෙවෙන්නෙ බොනකොට තමා. සිගරට් නැතුව බොන්න එපා කියන තරමට   වැඩේ දරුනු උනා. සටන් කලා හේදිලා ගියා . වැඩේ කියන්නෙ මම සිගරට් බොන්නෙත් අර ගාල්ලෙ මාම බොන විදිහටමයි. පුංචි කාලෙ ඔලුවට වැටිච්ච එක එහෙම්මම හිටල .  

ඔය බොනකොට සිකරට් බොන එක ගැන හොඳ කතාවක් මතක් උනා ඒකත් කියන්නං. දවසක් කන්තොරුවෙ එකෙක්ගෙ මලගෙදරක යන්ඩ අපි කට්ටියක් වෑන් එකක සෙට් උනා . ඕකටම අපේ බොසත් පැනගත්ත නොමිලේම යන්ඩ . අපිත් ඉතිං නිකං ඉන්නෙ නැතුව එන ගමං බොසාට නහයෙන් අඬල බෝතල් දෙකක් කඩා ගත්තා . බයිට් එකට ඇපලුත් හම්බ උනා. ඒත් ඕනම එක නෑ. අපේ දිසා අයියා ඉතිං නිකං හිටියෙ නෑ

 “බොස් සිගරට් ගත්තෙ නැද්ද? “

සිගරට් මොකටද අරක්කු බොන්ඩ , ඔය බයිට් තියෙන්නෙ ඇතිවෙන්ඩ


අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ “ මගෙ කටේ තිබ්බ අරක්කු ටික නහය දිගේ මොලේට ගියා . තව ටිකෙන් ඩ්‍රයිවර් මහත්තය වාහනේ කන්ඩියක් දිගේ අරිනව . බොසා ආයෙ බහිනකං වචනයක් කතාකලේ නෑ .

මොනා උනත් මම ප්‍රතිපත්තියක් හැටියට ගෙදර හරි ගමේ හරි  සිගරට් බිව්වෙ නෑ . ඒ හින්දා  ගෙදර උදවියට ඒක ආරංචි උනේ නෑ. සමහර විට දන්නවත් ඇති.

තෝ සිගරට් බොනව නේද?”
කියල
මගෙන් අහල නෑ කවදාවත්

 “තෝ බොනව නේද?''
 කියල නං අහල තියනව


ඒත් ඔය සමහර දාට බොන්න ගිහිං බැරිවෙලා ඉතුරු වෙච්ච සිගරට් එකක් එහෙම සාක්කුවෙ දාගෙන ආපු දවසට ඔය ප්‍ර
තිපත්තිය කැඩෙනව . එතකොට ඉතිං රෑට ගෙයි පිලිකන්නට ගිහිං ශේප් එකේ පත්තු කරං බොනව .

ඒත් මේ ලඟදි දවසක රෑ ඔය වගේම අමතක බැරි වෙච්ච සිගරට් එකක් පත්තු කරං පිලිකන්නෙ ඇවිද ඇවිද ඉන්නකොට එක පාරට කුස්සියෙ ලයිට් එක දාගෙන තාත්ත ආව එලියට
.මට කොරගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. අතේ සිගරට් එක දිලිසි දිලිසි .හොඳටම ශුවර් දැක්ක කියල. තාත්ත තප්පර දෙක තුනක් බලං ඉඳල ආපහු හැරිල ඇතුලට ගිහිං දොර වහල ලයිට් එක නිමුව.

…  තාත්තගෙ මූන එච්චර අසරණ වෙලා තියනව
මම ජීවිතේට දැකල තිබ්බෙ නෑ ….

100 comments:

  1. ලියාපං ඉතින් තවත්

    ReplyDelete
    Replies
    1. එල එල ලියන්නං
      තැංකියු දුන්න ප්‍රචාරයට

      Delete
  2. මේ තියෙන්නෙ ලිවිලි... කී දවසක් තොට නාහෙන් ඇඬුවද ලියන්න කියල...

    ReplyDelete
    Replies
    1. ආ.., දුවලාගේ තාත්තේ උඔත් ලියන්නෙ නැතෙයි?

      Delete
    2. සජ්ජා - තෝ දන්නවද මේක ලියන්න මම කාපු කට්ට
      මෙන්ඩා - දුවලගෙ තාත්තට නිදාගන්නවත් වෙලාවක් නෑ කියලයි කියන්නෙ

      Delete
  3. තෝව හදන්ඩ බෑ බන්!!! සිගරට් බීලාම මැරියන්!!
    බ්ලෝග් එක පට්ට!!! දිගටම ලියමු!!

    ReplyDelete
    Replies
    1. මම එහෙම සිගරට් බොන්නෙ නෑ බං ...
      දිගටම ලියන්න තමයි ට්‍රයි එක

      Delete
    2. නෑ නෑ උඹ බොන්නේ නෑ...අපි වෙන්ඩැති එහෙනම් ‍බොන්නේ!!

      Delete
  4. මම 2011 ඔක්තෝබර් 14 වෙනිදා හිටිය ෆෙඩ අප් එකටත් එක්ක සිගරට් 15ක් බිව්වා. 15වෙනිදා අත්හැරිය. යකෝ මාර සනීපයක් තියෙන්නේ.
    බලපල්ලකො නවත්තල සති 2ක් ඉදල අගට දැනෙන ෆිට් එක.
    මිනිස්සු මාස 6ක් විතර යනකම් කියලා තිබ්බ ඕක සිගරට් බොන්නේ නැතිනම් බල්ලෝ ගූත් නොකා ඉදියි කියල.
    එත් දැන් අවුරුදු 4ක්. මම නිදහස් මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. අග නොවෙයි ඇඟ (ඔව් ඔව් අඟටත් සනීපයක් දැනෙනවා )

      Delete
    2. එල එල නවත්ත්න්ඩ ලේසී බං
      මම එච්චර දරුනුවට බොන්නෙ නැති නිසා නවත්වන්න හිතෙන්නෙ නෑ

      Delete
  5. අපේ සෙට් එක සිගරට් බිම අඩු කරන්න විට කන්න පටන් ගත්තා ඊළගට හැක්ස් ටොපි කන්න පටන් ගත්තා..කොහේ අඩු වීමක් දා..දැන් ගොඩදෙනෙක් හැක්ස් එක කටේ දාගෙන සිගරට් එක බිලා විටෙ කනවා..
    උබේ ලිවිල්ල සුපිරි සහෝ දිගටම ලියපන් හැමදමා එන්න පාරත් ලකුනුකරගත්තා

    ReplyDelete
    Replies
    1. අන්න කතාව...
      ඒකනේ අපි ට්‍රයි නොකර ඉන්නෙ

      Delete
    2. මම නං ඉස්සෙල්ලම කෑවෙ විට
      පස්සෙ සිගරට් ..
      හැබැයි මම විට කන එක නැවැත්තුවා ...

      Delete
  6. සිගරට්ටුවේ ඇති රසයත්
    එහි ඇති මනා ගුනයත්
    එය බොන උතුමානෝ මිස
    නොබන බල්ලෝ දනිද?

    තව කමෙන්ටු 5ක්වත් දාන්න එනවා

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක .... අරින්ඩ එපා
      ඔය කිව්වට පොඩි මෙන්ඩ ලොකු වෙනකොට උඹ ඕක නවත්වනවා ... මොනාද ඔට්ටු ...
      තැංකියු දෙන සප් එකට

      Delete
    2. නවත්තන්න වෙයි නේද බං?

      Delete
    3. ගල් සහ සිගා. එල ද බ්‍රා

      Delete
  7. මාත් සිගරැට් බිව්වා තමා. අපේ තාත්තා අවුරුදු දහ අටේඉඳං මැරෙනකම්ම බිව්වා. තාත්තගෙ මළගෙදරින් පස්සෙ නං මං සිගරැට් කටේ තිබ්බෙ නෑ. හිතාගන්න පුළුවන්නෙ හේතුව?

    ReplyDelete
    Replies
    1. තාත්තාට මගේ ශෝකය
      උඹ නැවැත්තුවාට මගේ සංතෝශය ....

      Delete
  8. ගොන් බිජ්ජො මේ පසුබිමත් එක්ක අකුරු පේනව අඩුයි කියවන්න පහසුවෙන විදියට වෙනස් කරපන්

    ReplyDelete
    Replies
    1. මට මේකෙ පාට මාර ලස්සනයි බං ..
      මට නං මේක හොදට පැහැදිලිව කියවන්ඩ පුලුවං ....
      මම මේක වෙනස් කරන්නෙ නෑ
      උඹට ඕනෙනං ඇවිල්ල කියවපං.... බැරිනං නිකා හිටහං ...
      අනික උඹට මේක කියන්ඩ ඇනෝ එන්ඩ ඕනෙද බං ....??? හැක හැක හැක

      Delete
  9. බ්ලොග් එකට සුභපැතුම්. සිගරට් නං ඉතිං හොඳ නෑ. (ඒත් එහෙම කියල මොකෝ ජීවිත කාලෙම හොඳවැඩම කර කර ඉන්නයැ)

    ReplyDelete
    Replies
    1. අන්න ටොක් එක
      ඡයවේවා රාඡ්

      Delete
    2. ස්තුතී ...
      වැඩිපුර හොඳවැඩ... ටීක්කක් නරක වැඩ....
      නැත්නං පොඩි අසමබර ගතියක් තියනව නෙහ් ..??
      මෙන්ඩා - ආයෙත්අහල..

      Delete
  10. නියමයි...! දවසක් උණ ගැනිලා මාව හොස්පිටිතාලෙ නවත්තන්න එක්ක යනවා.මට පිස්සු වගේ උණ.නිකමට ශෝර්ටට අත දානකොට කලින් ගනිපු සිගරට් දෙකක් සාක්කුවෙ.ඒක අහු උනාම උණ හොඳ උනා වගේ.. අමාරුව පැත්තකින් තියලා සාක්කුව සුද්ද කලා කාටවත් නොපෙනී..
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බං විසික් කලේ ඉස්පිරිතාලෙ රෑට ඉද්දි හොරෙන් බොන්න තියා ගන්න එපැයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කම්මලයා සිගරට් දෙකට කමෙන්ට් එක දෙපාරක් දාලා..

      Delete
    4. ඔව් බං පෙලක් වෙලාවට දවස් ගනං පහුවෙලා, පොඩි වෙලා කැඩිල එහෙම හම්බ වෙනවා ..
      කම්මල - මට නං ඒව බොන්ඩ බෑ බං
      මෙන්ඩා - කම්මලයගෙ කොම්පීතරේ කේස් එකක් නේ .. මම දැක්ක දෙතුන් තැනකම ...

      Delete
  11. බ්ලොග් එකට සුභ පැතුම් !!!!!
    බලපං උඹ සිගරට් එකක් බොනව දැකල තාත්ත ඔච්චර අප්සෙට් ගියානම් අර KG කෑල්ලක් ගහන වෙලාවක් මාට්ටු උනොත් ......අපොයි ........
    දැන්වත් අරක්කු, සිගරට් , ගංජ , KG බොන එක නතර කරපං ආ ඇයි බාබුල්, ජෙල් පැකට් , කොරෙක්ස් එවුවත් නතර කරපං. අනික දුංකල හපන එක හොදම නෑ. කංස යි අබිං උඹ දවසට එකපරක් බොන හින්ද ඔහෙ කරපං ඔක්කොම එක පාර නවත්තන්නත් අමාරු අතිනෙ.

    ඕං අටං අයියෙ උඹ කිවුව විදිහටම මම කමෙන්ට් කොලා ( ඒ කිවුවෙ උඹ කිවුව හින්ද කමෙන්ට් කොලා )

    ReplyDelete
    Replies
    1. ඇම්ඩට මගුලක් බලන්න ගිහින් මාමණ්ඩි අහනකොට දීපු උත්තර වගේ.. මූ මුද්දව කාල.. හැක්.

      Delete
    2. වේයන්ගොඩදි මාව බේර ගනිං කල්‍යාණ අයියෙ. මේව කිවුවෙ අහිතකින් නොවන බව මුද්දට කියල දියං අයියෙ.

      Delete
    3. මුද්ද හෙන දරුණුයි.. විශේෂයෙන්ම බොතල් තුන හමාර පහු වෙනකොට.. බොරුනම් අහල බලපන් තලවකෙලේ ගිය එහෙකුගෙන් හැක්..

      Delete
    4. කම්මල - දැං ඒ මුකුත් කරන්ඩ බෑ බං මේ කුඩු ගහන්ඩ පුරුදු වෙලා ... දුංකොල නැට්ටක් ගන්ඩ සල්ලි නෑ .. කුඩු හරිම ගනං මේදවස් වල ....
      කමි - හැක හැක අර උඹට උන එකේ අනිත් එක
      කම්මල - පිස්සුද බං උඹ මට හැදෙන්නනෙ කියල තියෙන්නෙ
      කමි - අඩෝ බොරු කියන්ඩ එපා ..ඕව මඩ.. මම අහිංසකයි.. බොරුනං අර කටුස්සගෙන් අහපං ...

      Delete
  12. අපිනම් බොන්නේ ඩන්හිල් ස්විච් විතරයි.. ඒකත් සින්ගල් මෝල්ට් විස්කි බොන වෙලාවට විතරයි.. හැක්.
    ඒ මං හිතුවේ උඹ මේක හුඟක් කලින් ලියපු එකක් කියලනේ.. එළ එළ.. ඔහොම යන් ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. //ඒකත් සින්ගල් මෝල්ට් විස්කි බොන වෙලාවට විතරයි.. //

      වෙන්ටැ :D

      අටමො .. අර උඹ අල්ලපු පොටෝ ටික මේල් කරපං

      Delete
    2. පිස්සුනම් කෙලින්ඩ හදන්න එපා..

      Delete
    3. මම හිතුවෙ එකම ලියද්දෙ සිංගල් මෝල්ට් විස්කි එක්ක බොන්නෙ .. මල්බැරෝ ලයිට්ස් කියල ...
      බ්ලොග් එක හැදුවෙ 2011. අද තමා පෝස්ට් එකක් දැම්මෙ ... ඒක රෙකෝඩ් එකක්ද මන්දා ...
      පත්තරේ - පොටෝ තියනවද ..?? එල එල .. මම අටමගෙන් ඒ ටික ඉල්ල ගන්නං
      කමි - උඹ මට මඩ ගහන්න නේද ..?? ඉඳපං දෙන්ඩ ...

      Delete
    4. //කමි - උඹ මට මඩ ගහන්න නේද ..?? ඉඳපං දෙන්ඩ ...// තරහ අවසර ආයිබන්ඩ.. ඕව මේ කාපු බීපු වෙලාවට කියන දේවල්.. කනකට ගන්ඩ නාකයි.. (වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහ ගන්ඩ එපා කියල කොච්චරවත් අම්ම මට කියල දීල ඇති..)

      Delete
  13. මට සිගරට් එකේ තෘප්තියක් තියනවා ඒක නිසා මම බොනවා...
    ෂිෆ්මන්ට් එකක හිරවෙලා ඉන්නකොට කාත් එක්කහරි වලියක් දා ගත්තාම ඔලුවට උත්තරයක් එන්නෙම නැතිවෙලාවක මට සිගරට් එකකින් පොඩි උත්තේඡනයක් තියනවා..

    ReplyDelete
    Replies
    1. එතකොට ගෑනු එහෙම ඔය තෘප්තිය, උත්තේජනය, ගන්නෙ කොහොමද බං ..??
      මම නං සිකරට් බොන්නෙ මගෙ තියන කඩිප්පුලි ගොං කමට ... හැක හැක ...

      Delete
    2. මම නං සිකරට් බොන්නෙ මගෙ තියන කඩිප්පුලි ගොං කමට ... හැක හැක .
      +++++++++++++++++++++++++++++++++++++++++++
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  14. බොගට සුබ පතනවා මුලින්ම.රූපෙයගෙ ඩිරෙක්ට් ලින්ක් එකෙන් ආවෙ.
    කියන්න දෙයක් තියෙනව.දැන් මේ වගේ ලයිව් දුම්බොන දර්ශන දැකලා අපි වගේ පොඩි උන් නොමග යන්න පුලුවන්.මොකද අලුතෙන් ඉගෙනගන්න එකෙකුට පුරුදු වෙන හැටිත් තියෙනවා නොවැ.කොටු කොටු දැම්මොත් හොන්දයි

    ReplyDelete
    Replies
    1. උඹටත් තැංකියු වේවා ..
      කොටු කොටු දාන්ඩ මෙකෙ වීඩියෝ තියනවයැ ..
      අනික උඹ ඔය කරන අනිත් ඒව පුරුදු උනේ අපේ ඒව බලලද ..??

      Delete
  15. මදුරුවොම කාපිය. මොකද යකෝ බොගක් පටන්ගත්තාම පොඩ්ඩක් පොරචාරය නොකරේ. හරි ඔහොම ලියාගෙන යන්.

    මම ෂියැට් ගහලා අහුවුනේ අපේ අම්මට. පිට කොන්ද මැද්දට දමලා ඇන්නා ඩීන් ගාල. කෝ ඉතින් මම නැවැත්තුවෑ ගුටි කාලත්.

    1994 දී මටම හිතිලා තමා නැවැත්තුවේ.

    ReplyDelete
    Replies
    1. හැක හැක .. පොරචාරය කොරන්ඩ කොන්තරත්තුව දුන්නා "අටම් බ්ලොග් පොරචාර කොරන්නෝ පුද්ගලික සමාගමට" බුවා ලෙසටම කරල තියනවා ඒක ...
      තමංම හිතල නැවැත්තුවොත් තමයි දිගටම අල්ලල යන්නෙ ...
      මම විට නැවැත්තුවෙත් එහෙම ....

      Delete
  16. එකම එක දවසයි සිගරට් එකක් බීවෙ.
    කැස්ස නං ගාණක් නෑ කියමුකො
    මට දැනුනෙ නිකං පොල් කොල දුං අදිනව වගේ අප්‍රසන්න වුණා.
    එදයිං එදත් හරි සිගරට් නං බිව්වෙ නෑ. හිහි

    තාත්තට අප්සට් යන්න ඇති. මොකද තමන්නෙ පුත්තරයනෙ. අනික හැංගිල බොද්දි දැක්කම ඉට වඩා අප්සට් යන්න ඇති.

    ආයෙ එන්නංකො

    ReplyDelete
    Replies
    1. පලවෙනි එකෙන් අප්‍රසන්න උන එක හොඳයි ...
      තාත්තට කරගන්ඩ දෙයක් නැති උනා බන් ...
      මොකෝ ගහන්නද? බනින්නද ?
      ජීවිතේ හතරවන දසකෙ මුල ඉන්න මම දැං තාත්තටත් වඩා නාකී වගේ පේන්නෙ ...
      ආයෙ වරෙං ..

      Delete
  17. සුභ ගමන්! අටමා තමා ඔත්තුව දුන්නෙ.
    (පැකට් එක සාක්කුවෙ දාගෙන ෆස්ට් ඇපොයින්ට්මන්ට් එකට ගියේ. දැන් කළාතුරකිං)

    ReplyDelete
    Replies
    1. තැංකියු වේවා ..!!
      පාලනය කොරපු එක හොඳයි .. මමත් එහෙම කොරන්ඩ තමා හිතං ඉන්නෙ .....

      Delete
  18. අන්තිම වාක්‍ය මගේ ඇස් වලට කඳුළු ඉනුවා. අම්මලා තොරතෝන්චියක් නැතිව කියෙව්වට අප්පච්චිලගෙ හිතේ කැකෑරෙන දුක දරාගන්න දේවල් අපිට හිතා ගන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. සිරාවට මමත් ශොක් උනා ඒ සීන් එකට ... දුක තමා ..
      ස්තූතී ..ආයෙත් එන්න ...

      Delete
  19. අටමා කියපු පාර දිගේ ආපුවහම මෙන්න යකෝ බටයක්! :D
    සිරාවටම කිව්වොත් මට අප්‍රසන්නම දෙයක් තමයි සිගරට්!

    ReplyDelete
    Replies
    1. තැංකියු ආවට .. අප්‍රසන්න වෙන එකමයි හොඳ බං ..
      එහෙම කියල නෑවිදිං ඉන්න එපා ආයෙ මේ ගැන ලියන්ඩ අදහසක් නෑ .. හැක හැක හැක ...

      Delete
  20. සුබ පැතුම්,, අටම් අයියගේ පාරෙන් ආවේ.. මෙහෙ සිගරැට් එකක් බොන එක වතුර වීදුරුවක් බොනවා වගේ හරිම සාමන්‍ය දෙයක්,,, ඕනෙම කෙනෙක් (ගෑණු පිරිමි වෙනසක් නෑ ) පවුලේ අම්මා, ආච්චි සීයා ඉස්සරහා උරණ ගමන් කතා කරන එක මට මුල් කාලේ බලන් ඉන්න අපහසු දෙයක් ඒත් කිසිම කෙනෙක්ට ඒකෙ ගානක් නෑ..

    අර කියලා තියෙන කතාවට හොදටම හිනා ගියා.. ඇත්තම සිගරැට් එකෙන් ඩ්‍රින්ක් එකට දෙන පිටුවහල නම් කියලා වැඩක් නෑ :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      අපෝ මෙහත් එහෙම තමා .. විශේෂයෙන්ම අපේ ගෙදර..... කාටවත් ගානක් නෑ ...

      ඇත්තටම සිගරැට් එකෙන් ඩ්‍රින්ක් එකට පිටුවහලක් දෙනවද ..??
      මං හිතුවෙ නිකං එල්ලිල තියනවට බොනව කියල.... :D :D :D

      Delete
  21. මේ සිගරට් බොන විදිහ කියෙව්වාම බය හිතෙනවා.
    පෙණහළු වල කෑලි කෑලි ගැලවෙනවා ඇතිනේ.... ;)

    මමත් සිගරට් බොනවා. මම හිතන්නේ අවුරුදු විස්සක් විතර. සුපර් ලයිට්ස්. මම සිගරට් බොන්නේ ඇයි කියන්න මමවත් දන්නේ නෑ. හේතුව මම කවදාවත් සිගරට් දුමක් ඉන්හේල් කරලා නෑ. ඉස්සර මාසෙකට පැකට් එකක්. දැන් සුමාන දෙකකට පැකට් එකක්. ඔය අස්සේ ගෙදර ඉන්නවා නම් එකක්වත් බොන්නේ නෑ. ගෙදර අඩුම තරම ඈස්ට්‍රි එකක්වත් නෑ. (යාළුවෝ එක්ක ඉන්නකොට භාවිතාව වැඩියි.) ස්ට්‍රෙස් කිලර් එකක් කියලා සමාවට හේතුවකුත් හදාගෙන මම සිගරට් බොනවා. හැබැයි ඒක කවදාවත් පුරුද්දක් නම් වෙන එකක් නෑ මීට වඩා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හරියට සිගරට් බොන්නෙ ... ඒකනෙ ඔය කට්ටිය එපා කියන්නෙ ....
      \\මම කවදාවත් සිගරට් දුමක් ඉන්හේල් කරලා නෑ.\\
      ඒ කියන්නෙ ඔයා කවදාවත් සිගරට් බීල නෑ ... කට හෝදලා විතරයි ..
      කට හෝදනව නං දවසට පැකට් 10 පාවිච්චි කලාට කමක් නෑ ...
      සමාව ගන්ඩ ඕනෙ නෑ ..මම කියනවට බය නැතුව දවසට පැකට එක ගානෙ කට හෝදන්න ..

      Delete
    2. ඒක තමයි කීවේ. ඒක මට කවදාවත් පුරුද්දක් වෙන්නේ නෑ. අර මොඩ් පොශ් කම වගේ එකට සිගරට් බොනවා කියලා මම මටම හිනාවෙවී සිගරට් බොන එකනේ මේ කරන්නේ.
      අනික එහෙම කරන්න බෑ. සිගරට් මෙහේ ගණන්. එක පැකට් එකක් 5.20€.

      Delete
    3. ඒක හොඳයි .. සිගරට් නං මෙහෙත් ගනං තමා ...

      Delete
  22. http://nelumyaya.com/?p=3654

    සිගරට් බීල තියෙනවා. ඉස්සර. රුසියාවේදී පුරුදු වුනේ. යාලුවෙන කෙල්ලෝ බොන නිසා. ඊට පස්සේ අත ඇරලා දැම්ම. වැඩිහිටි තරුණයෙක් වෙලා තවමත් තාත්තල එහෙමද? සිගරට් බොන එකනම් හැබැයි නතර කලත් කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ...
      පුරුද්දක් වශයෙන් බොන එක නතර කරන්ඩ ඕනෙ තමා ... තාත්ත මුකුත් කිව්වෙ නෑ ...අප්සෙට් ගියේ පලවෙනි පාරටනෙ දැක්කෙ ... ඒකයි ... රුසියාවෙ ගියානං හරි වගේ ...

      Delete
  23. අටමා තමයි පාර කීවේ...
    දැං ඉතිං විනාසයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් විනාම විනාසයි ... හැක හැක

      Delete
  24. අටමගෙ පාර දිගේ ආවෙ. සිගරට් බොන එකාගෙන් ඇයි බොන්නෙ කියලා අහලා වැඩක් නෑ කියනවලුනෙ. හැබැයි ඉතින් බොන්නෙ නැත්නම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා බොන්නැත්තං හොඳයි තමා ...
      ස්තූතී .. නැවත එන්න .....

      Delete

  25. … තාත්තගෙ මූන එච්චර අසරණ වෙලා තියනව මම ජීවිතේට දැකල තිබ්බෙ නෑ ….
    +++++++++++++++++++++++++++++++
    මෙන්න මෙතැන තමයි මචෝ දැනුනේ .මට අපේ තාත්තා ගේ මුණ මැවිලා පෙනුනා ..
    ජයවේවා !!

    දුම් වැටියේ....දුම් වැටියේ
    දෙතොල රැඳී දුම් වැටියේ
    සන්තෝසේ සන්තාපේ ...
    ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

    හද කැලබී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රඳවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා ....
    දුම් වැටියේ ....

    අද මිතුරෝ හෙට හතුරෝ
    දුක් දෙනවා එරෙහි වෙලා
    ඒවාගේ මතු දවසේ
    ඔබ එයිදෝ සතුරු වෙලා ...

    දුම් වැටියේ ....

    ගායනය - මේරියන්ස්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹටත් මේ ගැන අත්දැකීම් තියනව ...
      බොහෝම ස්තුතියි සිංදුවට ....
      ආයෙ එන්ඩ ..

      Delete
  26. අටමට අහු උනා කියන්නේ ඉතිං සිගරැට් එක තොලොංචියි තමා. ජය

    ReplyDelete
    Replies
    1. මට අහු උනත් එච්චරම තමා ... හැක හැක හැක ....
      තැංකිව් ..

      Delete
  27. අටම්පහුර පැත්තෙනුයි ආවේ...සුභ පැතුම්..........

    ReplyDelete
    Replies
    1. තැංකියු වේවා ..!!!!
      ආයෙත් එන්ඩ ..

      Delete
  28. එළම කිරිනේ බං ඇනෝපිලිස්. අර උපමාව තමා බං උපමාව. මට තාම හිනා. කරුමෙට මේක කියන්න පුලුවන් උන් ඉන්නේ ටිකයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒවගෙ කතා කියන්ඩ සහුර්දයො රැලක් එක්ක විතරයි ...

      Delete
  29. මදුරුවව එල්ලුවා ඔන්න මගේ බ්ලොග් රෝල් වල.

    ReplyDelete
    Replies
    1. තැංකියු වේවා ....ආයෙත් මේ පැත්තෙ එන්න ...

      Delete
  30. මාත් රුපියල් තිහේ ඉඳල රුපියල් දෙක වෙනකල් තියෙන හැම එකක්ම පාවිච්චි කරල තියෙනව. ඒත් ගොඩක් වෙලාවට ෂොට් එකක් දාන වෙලාවට තමයි. නිකං වෙලාවටනං මට ඕක දිරවන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් පටං ගත්තෙ එහෙමයි ආයිබොවන්ඩ ...
      කොහෙද ඉතිං ...

      Delete
    2. ඒත් ගොඩක් වෙලාවට ෂොට් එකක් දාන වෙලාවට තමයි. නිකං වෙලාවටනං මට ඕක දිරවන්නෙ නෑ.
      +++++++++++++++++++++++++++
      මටාත් ............

      Delete
  31. අහ් මේ ලියන්න පටන් අරන් තියෙන්නෙ. ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිංපටං ගත්තා .. එහෙනං ඔහොම යං නේ....
      තැංකියු ...

      Delete
  32. එල. උඹ බීඩි සුරුට්ටු එහෙම බොන්නැද්ද? එක ගමනක් අපි සුරුට්ටු තුනක් තියෙන පෙට්ටියක් ගත්ත රුපියල් දෙසීයකට. එකක් සතියක් බිව්ව.

    මං කියන්නෙ ලංකාවෙ ගංජ නීතිගත කරන්න ඕන.,ඒකෙ තාර, නිකොටීන් මොනවත් තියෙනව කියල හොයාගෙන නෑනේ. ඉතිං සරීරෙට ලෙඩක් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. බීල නං තියනව ඔය ඔක්කොම .. මං ගාව පයිප්පයකුත් තියනව ....
      එක පාරක් බිව්ව සුරුට්ටුවක්.. ගෙඩි රුපියල් 4500ක් ම වෙන.... නිකං හම්බ උනේ ...
      අනිවා ගංජා නීති ගත කරන්න්ඩ ඕනෙ ....
      ඔය කෝකත් ලෙඩක් වෙන්නෙ නෑ හරියට පාලනේකින් ගන්නවනං .....


      Delete
    2. මා ගාවත් තියෙනව පයිප්පයක්. හැබැයි එකෙන් කරන්නෙ වතුර ගන්න එක. හැක්..

      Delete
  33. මලියාගෙන් පාර අහගත්තේ..... මට මතක විදිහට කලින් අැවිත් නැතුව අැති.... කොහොම හරි අද අාවානේ.... සින්ඩියටත් දාගත්තා... දැන් ඉතින් ඒපා කිව්වත් ඒනවා.....

    ReplyDelete
  34. කලිං එන්න විදිහක් නෑ නෙ .. මේක මගෙ පලවෙනි පෝස්ට් එකනෙ ......
    ආවට තැංකියු වේවා .....

    ReplyDelete
  35. තාත්තා ගැන දුක සිතුණි. ඔබටත් එසේම වේවා!

    ReplyDelete
  36. අනර්ඝයි අනර්ඝයි.

    ReplyDelete
  37. හා දැං ඉතිං අරක්කු ගැනත් ලිව්වනං.

    ReplyDelete
  38. මගේ යාළුවෙක් සිගරට් බීල මලා
    -යාළුවා මල ඇනෝ-

    ReplyDelete
  39. සිගරට් කොම්පැනි කාරයන්ට බ්ලෝග අහුවෙන්ඩ දෙන්ඩ එපා .. ඕකුන් අනිවර්යෙන් ප්‍රචාරනේට ගනී ඔන්න ......

    ReplyDelete
  40. “ අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ “//
    පට්ට කතාව බන්

    සිකරට් නම් මල ඇනයක් බන්... කොච්චර නවත්තන්ඩ හැදුවත් බෑ....

    ReplyDelete
  41. ලංකාවෙ ඉන්නකං දුම් කියල ඉඳහිට ඇදල තියෙන්නෙ බීඩි, සිගරට්, සුරුට්ටු සහ රොකට් විතරයි, හැබැයි ඒ කිසිම දේකට කැමැත්තක් හෝ පුරුද්දක් ඇති උනේ නැත්තෙ පුරුවේ පිනකටද කොහෙද. නැත්තං අපේ එවුන් සිගරට් බොන තරමටම බීල දැන්ටම පපු කැවුතු කුණු වෙලා.

    දැන් තියන ලොකුම ප්‍රශ්නෙ තමයි පැසිව් ස්මොකින්, අපේ එවුන් එක්ක කයියක් දාගෙන ඉන්නකොට මම බිව්වේ නැතත් නොදැනුවත්වම සිගරට් එකක් දෙකක් පෙවෙනවා.

    අනිත් එක තමා මැද පෙරදිගට ගොඩ බැස්සට පස්සෙ ඉඳහිට පාටියකදි වගේ ශීෂා එකක් බොන එකේ නම් පොඩි කික් එකක් දැනිල තියනවා. ඒ නිසාම ගෙදරත් එකක් උස්සං ඇවිත් තියා ගත්ත විශේෂ අවස්ථාවකදි පාවිචිචියට :-D


    //අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ //

    මේක දවස් ටිකටම අහපු දසම කතාව ... හෙක් .. හෙක් ... !

    දැන් එක පොස්ට් එකක් දාල අවුරුදු ගණන් මේක වල් වදින්න ඇරියම අපිද මේව්වයේ ඇවිත් පොස්ට් ලියන්න ඕන ?? ලියපන් ආපහු !!!!

    ReplyDelete
  42. ඇයි බන් ලියන්නෙ නැත්තෙ ..

    ReplyDelete
  43. ගෝලීප් එකක 55 වෙනකල්වත් මූට ලියන්න බැරි උනානෙ.

    ReplyDelete